පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

දැන් අලුතෙන්ම යෝජනා කරලා තියෙනවා වස්තු බද්ද කියලා එකක්. ඒ කියන්නේ තව බදු වර්ග දෙකක් එනවා ඉස්සරහට. ඔය වැට් අරවා මේවාට අමතරව. මේ වස්තු බද්ද කියන්නේ ගෙවල් දොරවල් වලට යාන වාහන වලට, ඉඩකඩම් වලට, ඒවායේ වටිනාකම බලලා බදු ගහන එක.

දැන් මෙහෙම බදු ගහන්නේ ඇයි? ජනාධිපතිතුමාට උත්තරයක් තියෙනවා. මට සල්ලි අච්චු ගහන්න බෑ. මට කවුරුවත් ණය දෙන්නෙත් නෑ. මට දාහතර ලක්ෂයක් රජයේ සේවකයින්ට පඩි ගෙවන්න ඕන. ඉස්පිරිතාල, ඉස්කෝල පවත්වාගෙන යන්න ඕන. අස්වැසුම කරන්න ඕනේ. මේ ඔක්කොම කරන්න සල්ලි ඕනේ. ඔහුට තියෙන එක ක්‍රමය බදු ගහන එක.

ගිය අවුරුද්දේ රටේ ඉහළම ගණයේ ව්‍යාපාරිකයන්ට කෝටි ලක්ෂයකට අධික බදු සහන ලබාදීලා තියෙනවා ඒ බදු සහන ලබා නොදුන්නා නම්, ඔය ජනවාරි පළවෙනිදා ගහපු බදු ගැහෙන්න අවශ්‍ය වෙන්නේ නෑ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>