පුත්තලම මහ නගර සභාවට සමගි ජන බලවේගය නියෝජනය කළ සභිකයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබේ.

එම පක්ෂය පැවසුවේ එම මහ නගර සභාවේ සභාපති සහ උප සභාපති පත් කිරීමේදී පක්ෂයේ තීරණයට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් මෙම පක්ෂ සාමාජිතක්වය අත්හිට වූ බවය.

ඒ අනුව සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත්තේ ඒ අනුව සිය පක්ෂයේ පුත්තලම මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු වන එන්.එම්.එන් නුස්කි මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බවය.