අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත.
ජනතාව වත්මන් ආණ්ඩුවට ජනවරම ලබා දී ඇත්තේ නිවැරදි ක්‍රමයට රට සෑදීමට බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.
නමුත්, නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී, වැරදි සිදු කරන පුද්ගලයන් ඒවාට එරෙහි වී, ඔවුන්ගේ අනීතික ක්‍රියාවලට අත නොතියා රට හදන ලෙස ප්‍රකාශ කරන බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
වැවේ මායිම වැවට තබා අනෙක් අය ඉවත් විය යුතු බවට ප්‍රකාශ කළ පසු සමහර පිරිස් ‘හැකි නම් කරලා පෙන්වන්න’ යැයි අභියෝග කරන බවත්, ස්වාමීන් වහන්සේ නමක්ද ‘හැකි නම් මාස 06න් සිදු කරන ලෙස’ අභියෝග කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
ඔවුන් අවුරුදු 76 ක් පුරා ‘කට ඇරීයේ’ නැති බවත්, මෙය ‘පුදුම රටක්’ බවත්, ‘පිස්සු පොරවල් ටිකක්’ මෙහි සිටින බවයි අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
