”රටේ සියලු ජාතීන්ගේ එකමුතුවෙන් අලුත් රටක් ගොඩනැගීම අරඹා තිබෙනවා. පැවති ආණ්ඩු රාමලාන් උපවාසයට පෙර ජාතිවාදය ගෙනාවා. මුස්ලිම් ජනයා ඉලක්ක කරගත් ආගමික, සංස්කෘතික කටයුතුවලට බාධා ඇති කලා. අපේ රජය යටතේ කොලොන්නාවේ සියලු ප්‍රජාව එකට එක්ව වැඩ කිරීමේ දහම පෙන්වා දී තිබෙනවා….”

නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා මේ අදහස් පළ කරන ලද්දේ 2025.02.25 වන දින කොලොන්නාව නගර සභාව සංවිධානය කර තිබූ ‘සහජීවනයේ ඉෆ්තාර් සන්ධ්‍යාව’ විශේෂ ආගමික වැඩසටහන හා එක්වෙමිනි.

බොදු, කිතුණු, හින්දු, ඉස්ලාම් ආගම් නියෝජනය කරමින් සර්ව ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම ඉෆ්තාර් උළෙල පැවැත්විණ.

සියළු ජන වර්ගයන්හි සියලු ජනතාව සහෝදරත්වයෙන් ජීවත්වන රටක් මේ වනවිට ගොඩනගා ඇති බවත් සර්ව ආගමික, විවිධ ජාතිකත්ව සහජීවනයෙන් යුත් සංස්කෘතික දහමක් සහිතව ජීවත්වන කොලොන්නාව ජනතාව මුලු රටට ම ආදර්ශයක් බවත් එතුමා සඳහන් කරන ලදී.