නීතිඥ සේනක බණ්ඩාර

ඉතාමත්ම බරපතල විදියට නීතියේ ආධිපත්‍ය බිඳ වැටීමේ දැඩි තර්ජනයක්, අවධානමක් මේ වෙනකොට රට තුළ උද්ගත වෙලා තියෙනවා. මේ රටේ නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙන බරපතල අවධානම තමයි රටේ යම් යම් සිදුකරන කාරණයන් සම්බන්ධයෙන් ඔවුන් කරන පැහැදිලි කිරීම. රටේ ජනාධිපතිවරයා කටයුතු පිලිබදව පැහැදිලි කිරීමක් කරනවා. රටේ ඉන්න පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සිදු කරන්න ඔහු පොලිස් කොමිසමට කතා කරා, මේ විමර්ශනවලට අවශ්‍යතාවයක් විදිහට සලකලා තමයි එහෙම කතා කරේ කියලා. බරපතල කාරණය තමයි ශ්‍රී ලංකා පොලිස් කොමිසම ලංකාවේ පිහිටවලා තියෙන්නේ නීතියක් අනුව. එතකොට ඒ පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම්, උසස්වීම්, ඒ වගේම අනෙකුත් කාරණයන් සම්බන්ධයෙන් මැදිහත් වෙන්න නිල ආයතනයක් පිහිටුවලා තියෙද්දි මේ නිල ආයතනයට පරිබාහිරව තමයි මේ ස්ථාන මාරුවීම් කරන්න රටේ ජනාධිපතිවරයා බලපෑම් කරන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පොදු ජනපෙරමුණේ නීතිඥවරුන් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>