පා .ම .චන්දිම වීරක්කොඩි

ජනාධිපතිවරයා තවමත් වැඩබලන නීතිපතිවරයෙක්ගේ නමක් ඉදිරිපත් කරලා නැහැ.

මේ මොහොතේ කාන්තාවක් වෙච්ච ඉතාම ගෞරවාන්විත සේවයක් ඉටු කරපු කිසිඳු චෝදනාවකට ලක් නොවිච්ච කාන්තාවක් හැටියට සොලිසිටර් ජෙනරල් තනතුරේ සිටින අයේෂා ජිනසේන මහත්මියගේ නම නීතිපතිවරයා හැටියට හෝ වැඩබලන නීතිපතිවරයා හැටියට නම් නොකරන්නේ ඇයි ද කියල අපිට සැකයක් මතුවෙලා තියෙනවා.

වෘත්තිකයන් හැටියට දීර්ඝ කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ යහපත් ලෙස දක්ෂ ලෙස කටයුතු කරපු නිලධාරීන්ව තමන්ට ඕන විදියට නම්මගන්න කිසිඳු ආකාරයක බලයක් හැකියාවක් ජනාදිපති තුමාට නැහැ. හැබැයි අද කාන්තාවකට විය හැකි අසාධාරණයට එරෙහිව කාන්තා සංවිධානත් මෙතෙක් කට ඇරපු නැති එක ගැන මම කණගාටු වෙනවා.

පා. ම. චන්දිම වීරක්කොඩි මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>