ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ලබා දුන් ඇප නියෝගය තාවකාලිකව අත්හිටුවීමට අතුරු නියෝගයක් නිකුත් කරන්නේද යන්න නොවැම්බර් 18 වැනිදා ප්‍රකාශ කිරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නොවැම්බර් 3 වැනිදා දුන් ඇප නියෝගය යළි සලකා බලන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබිණි. නොවැම්බර් 13 වැනිදා එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී කොමිසම සහ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ කරුණු සලකා බැලූ මහාධිකරණය, අතුරු නියෝගය පිළිබඳ තීරණය සඳහා දිනය නියම කළේය.