ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කෙරිණි.
1969 දොඩංගොඩ උපන් ඔහු, 1988 දී කොස්තාපල්වරයකු ලෙස සේවය ආරම්භ කර, පියවරෙන් පියවර උසස් වී 2020 දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට ළඟාවිය.
2024 සැප්තැම්බර් 26 සිට වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කරන ඔහු, කොස්තාපල් තනතුරෙන් පටන්ගෙන පොලිස්පති තනතුරට ළඟා වූ පළමු පුද්ගලයා ලෙස ඉතිහාසයට එක් වෙයි.
