දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිට විරුද්ධව එම ප්‍රදේශයේ ජනතාව මුහුදු මර්ගයේ දෙහිවල දුම්රියපොළ අසල විරෝධතා පුවරු රැගෙන උද්ඝෝෂණයක් පැවැත්විය. එම උද්ඝෝෂණය අතරතුර මාධ්‍යය වෙත අදහස් දැක්වූ ජනතාව..

”මගේ මහත්තයා මුහුදු ගිහිල්ලා ඇවිල්ලා නිදියගෙන හිටියේ. ඕ.අයි.සී මහත්තයා එන්න කිව්වායි කියලා එක්කගෙන ගිහිල්ලා පහමාර වෙනකොට එළියට දානවයි කියලා කිව්වා. ඊට පස්සේ මං ගිහිල්ලා ඇහුවම ඕ.අයි.සී මහත්තයා කිව්වා 1200 ගානේ කුඩු වික්කයි කියලා. මේ ඒක හින්දා නඩු දානවා කියලා. මගේ මහත්තයා කුඩු වික්කේ නෑ.”

”ඊයෙත් ඇවිල්ලා අපේ අයියව ගෙනිච්චා. ගෙනියලා ඉවර වෙලා අපි ගිහිල්ලා කතා කරාම අපිට යන්න දෙන්නේ නෑ. අපේ අයියව ගන්න. ඒ වුණාට එයාව තියාගෙන ඉඳලා රෑ දහයට විතර යැව්වේ. පාර්ලිමේන්තුවලත් ඉන්නවා කුඩු ගේන එවුන්. මේ පොඩි මිනිහව ගෙනියලා මොනවා කරන්නද කියලා තමයි අපි අහන්නේ. ”

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>