නිලුක්ෂ කුමාර

මේ රටේ සෑම පුරවැසියෙක්ම කැමතියි නිදහස් අධ්‍යාපනය තියෙන මේ රාජ්‍ය පාසල් වලට ළමයි යවන්න. හැබැයි අවාසනාවකට නිදහස් අධ්‍යාපනය තියෙන පාසල් පද්ධතිය සම්පූර්ණයෙන්ම අද කඩා වැටිලා. එතකොට මේ රටේ ඉන්න දෙමව්පියෝ උත්සාහ කරනවා, රජය යටතේ තියෙන පාසල් වලට ළමයින් නොයවා මේ රටේ තිබෙන ජාත්‍යන්තර පාසල් වලට යවන්න.

හතු පිපෙන්නා වගේ මේ රටේ තියෙන ජාත්‍යන්තර පාසල් වහාම නියාමනයකට ලක් කරන්න. අපි දන්නෑ වැට් එක වැඩි කරපු එක ජාත්‍යන්තර පාසල් වලට අදාලද කියන එක. හැබැයි මගේ ළඟ තියෙන මේ ලිපියේ සඳහන් කරලා තියෙන්නේ ජාත්‍යන්තර පාසල් වැට් එක වැඩිවීම නිසා ටර්ම් පීස් වැඩි කරන්න සිද්ධ වෙලා තියෙනවයි කියන එක.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>