අමාත්‍ය වසන්ත සමරසිංහ.
සමාජය දැනුවත් කරන සහ සමාජ අවබෝධය ගොඩනැඟීමට දායක වන ක්‍රියාකාරකම් වැඩි කළ යුතුය. ඒ සඳහා දේශපාලන අධිකාරිය ද මැදිහත් වන අතර, ඊට අදාළ ආයතනවල ක්‍රියාවලිය ද වැදගත් වේ. අපි මෙම වැඩසටහන ආරම්භ කළහොත්, උනන්දුවක් දක්වන අය ස්වේච්ඡාවෙන් දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සියලුම දරුවන් අපගේ දරුවන් ලෙස සැලකිය යුතු බැවින්, අපගේ අනාගත පරම්පරාව වෙනුවෙන් මෙම කර්තව්‍ය ඉටු කිරීම අප සැමගේ වගකීමකි.ඒ අනුව, අප සැම එකතු වී මෙම කටයුත්ත සඳහා අපට කළ හැකි දේ පිළිබඳව සාකච්ඡා කර, සුදුසු වැඩසටහනක් සකස් කර ගනිමු.
