ජනාධිපති අනුර කුමාර දිසානායක

අපිට මීට වඩා ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් අවශ්‍යයි. අපිට පාර්ලිමේන්තුවේ තව ගොඩක් නීති අණ පනත් තියෙනවා සම්මත කරගන්න. ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ආකාර කීපයකින් ලබාදීලා තියෙනවා. සමහර ඒවා චක්‍රලේඛනයකින් ලබා දීල තියෙනවා. ඒක හෙට චක්‍රලේඛනයෙන් අයින් කරන්න පුළුවන්. සමහර ඒවා ලබාදීලා තියෙනවා පනතකින්. එහෙනම් ඒ පනත සම්මත කරන්න පාර්ලිමේන්තුවේ බහුතරය ඕනේ. සමහර ඒවා ලබාදීලා තියෙනවා ව්‍යවස්ථාවෙන්. එහෙනම් ඒවා අහෝසි කරන්න ව්‍යවස්ථාවේ සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් ජනවරමක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපි ගන්න තීන්දු ඉදිරියට ගෙන යන්න නම් පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් භාවය අවශ්‍යයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක ජනරලියකදී දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>