ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සභාපති ෆ්‍රැන්සුවා වැලරියන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය.

මෙහිදී රජය දූෂණ විරෝධී යාන්ත්‍රණ ශක්තිමත් කරමින් නව වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බවත්, මහජන දැනුවත් කිරීම සහ රාජ්‍ය අරමුදල් ඵලදායී භාවිතය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක වන බවත් ලේකම්වරයා පැවැසීය.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සභාපතිවරයා “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඇතුළු රජයේ උත්සාහ අගය කරමින්, දූෂණ විරෝධී ඉලක්ක සාර්ථක කිරීමට රජය සහ සිවිල් සමාජය එක්ව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහය ලබාදීමට කැපවීම ද ප්‍රකාශ කළේය.