ජනාධිපති රනිල් වික්‍රමසිංහ

2022 අවුරුද්දේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයට නමයයි දෙකක ප්‍රමාණයක් විදේශ ණය ගෙවීම සඳහා වැය කිරීමට අපට සිදුවුණා. 2022 අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාව ණය ගෙවන්න බැරි බව නිල වශයෙන් ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශයත් සමඟ ලෝකයේ රටවල් අපත් සමඟ ගනුදෙනු කිරීම නවතා දැමුවා.

අද අප ඇති කරගත් එකඟතාවයන් නිසා අපේ ආර්ථිකයට හුස්මක් ගන්න පුළුල් අවකාශයක් ලැබෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කාර්යයේ වැදගත්ම පියවර සාර්ථක කරගත් නිසා අපේ රටට විදේශ අරමුදල් යොදවාගෙන සියලු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රටවල් වලට නිත්‍යානුකූල අවකාශය උදා වෙනවා. කටුනායක ගුවන්තොටුපලේ සංවර්ධනය හා සැහැල්ලු දුම්රිය මාර්ගය, අධිවේගී මාර්ගය ඇතුළු ව්‍යාපෘති ගණනාවක් යළි ආරම්භ වෙනවා. එමෙන්ම , අලුත් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් අපට ලබාගැනීමට පුළුවන්.

ජාතිය අමතා සිදුකළ ජනපතිගේ සුබ ආරංචිය……

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>