ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි, ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිබඳ කල ප්‍රකාශය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව කණගාටු පළ කර තිබේ.

ඒ අනුව, අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කරන ලද රුපියල් බිලියන 10ක අපහාස වන්දිය නඩුව, දෙපාර්ශ්වයේ එකඟත්වයෙන් සමථයකට පත් කිරීමට කොළඹ දිසා අධිකරණය තීරණය කළේය.