දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුව අද (23) සිදු වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද (23) පෙරවරුවේ මෙම හමුව පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටියා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ඊයේ (22) පස්වරුවේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් මෙරටට පැමිණ තිබු අතර මෙම සංචාරය තුළ එස්. ජයිශංකර් විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් ද හමුවීමට නියමිතය.





