රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

A.I ( කෘතීම බුද්ධිය) තාක්ෂණය පාසල් සීයක ආරම්භ කරන්න කටයුතු කරා. ඉදිරි වර්ෂය වනවිට අපේ අධ්‍යාපන අමාත්‍යංශය මගින් බොහෝ පාසල් වල විෂය නිර්දේශය සඳහා විෂයක් හැටියට කෘතීම බුද්ධිය යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. පාසල් විස්සක දැනටමත් සුහුරු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. මේ සඳහා සහයෝගයක් ලබාදීම වෙනුවෙන් අපි විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව මගින් පාසල් දාහක් සඳහා අවශ්‍ය කරන සුහුරු පන්ති කාමර ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. පාසල් දාහක් සඳහා මෙම වැඩසටහන මේ මස අවසානයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.

රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>