මැතිවරණ කොමිෂන් සභාව
පෙරවරු හතට දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන දහතුන්දහස් හාරසිය විසි එකකදී පාර්ලිමේන්තු මහා මැතිවරණය ආරම්භ වුණා. ඔබට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් ලැබී තිබෙනවා නම් ඒ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් සහ වලංගු හැඳුනුම්පතක් රැගෙන ඡන්ද පොළට ගොස් ඔබේ ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව තියෙනවා.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් ඔබට ලැබී නැත්නම් කිසිඳු ගැටළුවක් නැහැ. ඔබට වලංගු හැඳුනුම්පතක් තිබෙනවා නම් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිසි පරිදි අවස්ථාව ලැබෙනවා. එම වලංගු හැදුනුම් පත් – ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පූජ්‍ය පූජක හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරලා තියෙන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය, ආබාධිතයින් සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ හැඳුනුම්පත, එසේ නැත්නම් තාවකාලික හැඳුනුම්පත, මේ හැඳුනුම්පත් වලින් එකක් රැගෙන ඡන්ද පොළට ගිහින් ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්න හැකියාව තියෙනවා.
ඡන්ද පත්‍රිකාවක් නැති උනොත් ඡන්දය දාන විදිහ මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුවත් කරයි.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>