කෘත්‍රිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය අතින් චීනය අත්කර ගනිමින් සිටින වේගවත් දියුණුව හමුවේ එරට සාම්ප්‍රදායික කර්මාන්තශාලා සේවකයින් දැඩි ආර්ථික අභියෝගවලට මුහුණ දී සිටින බව BBC පුවත් සේවය වාර්තා කරයි. චීනයේ ප්‍රධාන තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් වන ෂෙන්ෂෙන් නගරයේ මේ වනවිට රියදුරන් රහිත කුලී රථ, ඩ්‍රෝන යානා මඟින් ආහාර බෙදාහැරීම මෙන්ම මිනිස් හැඩැති රොබෝවරුන්ගේ සේවා පුළුල් වෙමින් පවතී.
දේපළ වෙළෙඳපොළේ පවතින අර්බුදය, පාරිභෝගික වියදම් පහත වැටීම සහ කර්මාන්තශාලා ස්වයංක්‍රීයකරණය වීම හේතුවෙන් කම්කරුවන් රැසකට සිය ස්ථිර රැකියා අහිමි වී ඇත. මේ නිසා අඩු වැටුප් සහ සීමිත ප්රතිලාභ සහිත තාවකාලික හෝ කෙටිකාලීන රැකියාවල නිරත වීමට බොහෝ පිරිසකට සිදුව තිබෙන බව සඳහන් වේ.
චීනයේ මිලියන 200කට ආසන්න ශ්‍රමිකයින් පිරිසක් එනම් නාගරික ශ්‍රම බලකායෙන් සියයට 40ක් පමණ වර්තමානයේ කෙටිකාලීන සහ කාර්යය පදනම් කරගත් රැකියා මත යැපෙන බව වාර්තා වේ. කොවිඩ් වසංගතයෙන් පසු ඇතැම් කම්කරුවන්ගේ වැටුප් තුනෙන් එකකින් පමණ පහත වැටුණු අතර, එම වැටුප් මට්ටම් මෙතෙක් යථා තත්ත්වයට පත්ව නොමැති බවද පෙන්වා දී තිබේ.

