නයනක රන්වැල්ල
මත්තල ගුවන් තොටුපල හදද්දී, අපි එපා කියද්දී, අලි එකසිය අසූ පහක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉතාම නිර්ධය ලෙස වෙඩි තබමින්, බැකෝ යන්ත්‍ර පාවිච්චි කරලා, මහින්දලාගේ ක්‍රියාවලිය අනුමත කරන්න ගෙනිහිල්ලා, ලුණුගම්වෙහෙරට දාලා, කාණු කපලා, විදුලි වැටවල් ගහලා හිර කරලා තිබ්බා. මොකද උනේ? සති දෙකකින් මම ඒ ප්‍රදේශය බලන්න ගියාම, ඒ දවස්වල චම්පික රණවක අමාත්‍යවරයා හිටියේ. මම එතුමාටත් ඒක දැනුම් දුන්නා. බලන්න ගියා ම, මට හම්බුනා පළවෙනි, ලුණුගම්වෙහෙර ඇතුළේ ඉතාම සුළු දුරක් යන කොට අලි ඇත්තු දාහතර දෙනෙක්ගේ මළ සිරුරු. ඒ සියලුම දෙනා ආහාර නැතුව මන්දපෝෂණයෙන් අලි ඇත්තු එකසිය අසූ පහක් මිය ගියා.
නයනක රන්වැල්ල මාධ්‍යයට දැක්වූ අදහස්…