පා.ම පාඨලී චම්පික රණවක

ජනාධිපතිතුමාගේ ධූර කාලය අවුරුදු පහක් නොව අවුරුදු හයක් යැයි කියන පදනම මත ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරලා තිබෙනවා. බොහොම පැහැදිලිව කියන්න අවශ්‍යයි, ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත් වෙන අවස්ථාවේ එතුමාට මේ රටේ මිනිස්සු ඡන්දේ දුන්නේ එතුමාගේ ධූර කාලය අවුරුදු පහකට පමණයි.

ඒ වගේම මේ රටේ මහජනයා ඉතාමත්ම ඕනෑකමින්, උනන්දුවෙන් තමන්ගේ සර්වජන ඡන්ද අයිතිය පාවිච්චි කරන්න බලන් ඉන්නවා. 2023 මාර්තු මාසෙදි පළාත් පාලන මැතිවරණය හරහා එය කරන්න තිබුණු අයිතිය, ජනතාවගෙන් උදුර ගත්තා. ඒක නැවත උදුරාගන්න ගියොත්, මේ රටේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග වලට තටු ලැබීමක් සිදු වෙනවා.

පා.ම පාඨලී චම්පික රණවක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>