ජනාධිපතිවරයාගේ ජර්මානු සංචාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් සිදු කරන ලද ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසට හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ජාතික භික්ෂූ පෙරමුණ විසින් ඊයේ (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ජාතික භික්ෂු පෙරමුණේ දිස්ත්‍රික් නියෝජිත ස්වාමීන් වහන්සේලා සමග එහි ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත ස්වාමීන් වහන්සේ විසින් කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම පැමිණිල්ල භාරදී තිබුණා.