අමාත්‍ය විජිත හේරත්

ගම්මන්පිල මහත්තයාගේ වුවමනාව හරි පැහැදිලියි. එතුමා ඉලක්ක කර ගන්නේ රවී සෙනවිරත්න මහත්මයා සහ අ ශානි අබේසේකර මහත්මයාව. ඒ වගේම මං දැක්කා ඒ සාකච්ඡාවේ අවසානයේ කියනවා මේ හමුදා බුද්ධි අංශයේ සමහර අය ඉලක්ක කරලා තියෙනවා. ඒ අය මේකට සම්බන්ධ නැහැ කියලා. ඒක තමයි චැනල් ෆෝ නාලිකාවේ වාර්තා වැඩසටහන පිළිබඳව ඉමාම් මහත්මයාගේ මූලිකත්වයෙන් කරපු වාර්තාව. ඉතින් ඒ වාර්තාවේ අවසාන ඔහු කියන්න හදන්නේ ඒකනේ. ඔය පරීක්ෂණ එක එක්කෙනා කියන ඒවා නැතුව රජයක් විදිහට අපි මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් කරමින් කරනවා. ඒ විමර්ශනයෙන් පස්සේ කොතනද හරි, කොතනද වැරදි, කවුද මේකේ වගඋත්තරකාරයෝ කියලා අපි පැහැදිලිව අවසන් තීන්දුව ගන්නවා.

අමාත්‍ය විජිත හේරත් මාධ්‍ය සාකච්ඡාවකදී දැක්වූ අදහස්,