විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර්. අතුල

මේ මාසේ ඛනිජ තෙල් මිල සංශෝධනයක් කරන් නෑ . ගිය මාසේ සංශෝධනම කියනවා. මේක හරි ප්‍රෙහේලිකවක්. දිනෙන් දින රුපියලේ අගය වැඩි වෙනවයි කියනවා. දැන් එතකොට ඒ වාසිය දෙන්න එපැයිනේ ඛනිජ තෙල් පාවිච්චි කරන්නන්ට. වෙනත් සමාගම්වල ශෙඩ් ඇරියහම තරඟකාරීත්වයක් ඇති වෙනවයි කිව්වා. දැන් කෝ තරඟකාරීත්වයක්?

මෙම ක්‍රියාවලියේ ඒකාධිකාරය අමාත්‍යවරයා සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තියාගෙන ඉන්නේ. ඔවුන් කියන විදියට අනිත් ආයතන දෙක කරනවා. ඇයි ඒ? ලාභ රේට්ටුව වැඩියි. ඒගොල්ලෝ සද්ද නැතුව ඉන්නේ ඒකයි. ඒගොල්ලෝ හොඳට මේ ඛනිජ තෙල් වලින් බිලියන ගණන් උපයනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජන පීඩක අමාත්‍යවරයෙක් ලෙස තමයි හැසිරෙන්නේ. අයි. එම්. එෆ්. එකේ ඕන විදියට නටනවා. නටලා තමන්ගේ ගරුත්වය කෙලෙසගෙන තියෙන්නේ. අමාත්‍යවරයෙකු විසින් හැසිරෙන්න ඕන ආකාරයට නෙමෙයි මෙයා හැසිරෙන්නේ. කළු කඩ මුදලාලි කෙනෙක් හැසිරෙන ආකාරයට.

විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර්. අතුල විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට චෝදනා කරමින් මාධ්‍ය හමුවේදි දැක්වූ අදහස්…..

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>