සජිත් ප්‍රේමදාස

සමගි ජන බලවේගය කියන්නේ අම්බලමක් නෙමෙයි. රට දැය වෙනුවෙන්, රටේ ජාතික අවශ්‍යතාවය ඉෂ්ට සිද්ධ කරන්නට නිර්මාණය වී තිබෙන පක්ෂයක් සහ බලවේගයක්. ඉතින් මේ බලවේගයේ ප්‍රතිපත්තීන් එක්ක එකට එකතුවෙලා වැඩ කරන්නට කැමතියි සියලුම අයත් එක්ක සාකච්ඡා කරලා ප්‍රතිපත්තිමය එකඟතාවය තුළ අපි සූදානම් අත්වැල් බැඳගෙන යන්න.

රටේ අවශ්‍යතාවය දිහා බලන් නැතුව, ජනතාවගේ අවශ්‍යතාවයන් දිහා බලන්නේ නැතුව ඒ ගන්නා වූ දේශපාලන තීන්දු තීරණ බොහෝ ලෙස විශාල අන්දමින් ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එහෙම අවස්ථාවාදී දේශපාලන ගමනකට මුල පුරන්නේ නැතුව පක්ෂයක් හැටියට බලවේගයක් හැටියට ජනතාවට සවන්දීලා, ජනතාවගේ සිතුම් පැතුම් අවබෝධ කරගෙන, ජනතා අභිලාෂයන්, ප්‍රර්තනාවන් ඉෂ්ට සිද්ධ වෙන ආකාරයට වගකිව යුතු විපක්ෂයක් හැටියට අපි කටයුතු කරන්නට අදහස් කරනවා.

සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයෙන් පිටවෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍ය හමුවේ දැක්වූ අදහස් …

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>