පා .ම .නාමල් රාජපක්ෂ

විදේශ රටවල රැකියාවට ඔබේ දරුවෝ යන එක පිළිබඳ ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ දරුවව වෘත්තිකයෙක් බවට පරිවර්තනය කරලා යවන්න ඕනේ.

රාජ්‍ය සේවයේ පෝලිම් වල ඉඳලා තමන්ගේ වැඩ කරගත්ත යුගය වෙනුවට ඔබේ දරුවා අපේක්ෂා කරන තාක්ෂණයත් එක්ක ජනතා සේවය සපයන යුගයක් අපි හදන්න ඕනේ. ඔබත් ඔබේ දරුවත් සම වයසේ ඉන්න අපිත් අපේක්ෂා කරන්නේ අන්න එවැනි දියුණු ලෝකයක් කරා අපේ රට රැගෙන යන්න අවශ්‍යයි බවයි.

අපි පැහැදිලිවම වැඩ කරලා පෙන්නපු දේශපාලන බලවේගයක්. අපිට වැඩ කරලා හොඳට පුරුදුයි. අපි මේ මහ පොළවේ හැම බිම් අඟලකටම වටිනාකමක් දෙන්න අවශ්‍ය ප්‍රතිපත්තියක් හදපු දේශපාලන බලවේගයක්. ඒ නිසා ඔබේ දරුවාගේ හෙට දවසේ වගකීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි භාර ගන්නවා .

පා .ම .නාමල් රාජපක්ෂ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>