ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනට ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන අතර ඒ අනුව ෆොර්ඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් යන ඉරානයේ ප්‍රධානතම න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එක්සත් ජනපද හමුදාව සාර්ථකව ප්‍රහාර එල්ල කළ බවයි ඔහු පවසන්නේ.
ඒ අනුව මේ වන විට සියලුම ගුවන් යානා ඉරාන ගුවන් අවකාශයෙන් පිටත්වී ඇති බවත් ෆොර්ඩෝ වෙත බෝම්බ තොගයක් හෙළන ලද බවයි ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
එසේම සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ, මෙය ඇමරිකා එක්සත් ජනපදයට, ඊශ්‍රායලයට සහ ලෝකයට ඓතිහාසික මොහොතක් බවත් ඉරානය දැන් මෙම යුද්ධය අවසන් කිරීමට එකඟ විය යුතු බවයි.
මේ අතර ෆොර්ඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් වෙත ප්‍රහාර එල්ල වූ බව ඉරානය විසින් තහවුරු කර තිබෙනවා.
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් ඊශ්‍රායලය එක්සත් ජනපදය සමඟ ‘පූර්ණ සම්බන්ධීකරණයෙන්’ කටයුතු කළ බව ඊශ්‍රායල නිලධාරියෙක් විදෙස් මාධ්‍යට ප්‍රකාශ කර තිබෙනවා.
