දකුණු ඉරාකයේ හර්තා විදුලි බලාගාරයේ සහ ඒ අවට පිහිටි නිවාසවල හටගත් ගින්නකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් තවත් 28 දෙනකු තුවාල ලබා ඇති බව බස්රා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. එහෙත් ආරක්ෂක අංශ උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ මෙම ගින්නෙන් පුද්ගලයන් සිව්දෙනකු මිය ගොස් ඇති බවය.
සිවිල් ආරක්ෂක අධ්යක්ෂ මණ්ඩලය විසින් මෙම ගින්න මේ වන විට පාලනය කර ඇති බව ඉරාක ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ. ගින්නත් සමඟ මෙගාවොට් 800ක විදුලි උත්පාදන ධාරිතාවක් ඇති එම බලාගාරයේ මෙහෙයුම් කටයුතු නතර කර ඇත.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන දර්ශනවල ගින්නත් සමඟ විශාල දුමාරයක් නඟින අයුරුත්, ගිනිගෙන විනාශ වූ මෝටර් රථ මෙන්ම හදිසි ප්‍රතිචාර මෙහෙයුම් නරඹන විශාල ජනකායක් ද දක්නට ලැබෙන බව සඳහන් වේ. ගින්නට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.
