වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සිවිල් සංවිධාන කිහිපයක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ, ලුණු ආනයනයේ දී රුපියල් බිලියන ගණනක වංචාවක් සිදුව ඇති බවට චෝදනා කරමිනි.

මෙම සිවිල් සංවිධාන නියෝජිතයින් පෙන්වා දෙන්නේ, රුපියල් 75කට පමණ ආනයනය කරන ලද ලුණු කිලෝග්‍රෑම් එකක් දැනට වෙළඳපොලේ රුපියල් 320ක් වැනි ඉහළ මිලකට අලෙවි වන බවයි.

මෙම තත්ත්වය අනුව, ලුණු ආනයනය හරහා විශාල මූල්‍ය වංචාවක් සිදුව ඇති බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.