පාර්ලිමෙන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා.

පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සම්බන්ධ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පවසා සිටියේ සමගි ජන බලවේගයේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළ පරිදි ඔවුන් බලයට පැමිණීමට පෙර සිටම IMF ගිවිසුම වෙනස් කිරීමට කටයුතු ගන්නා බවත් මේ වන විටත් සහනදායි හා රටේ මිනිසුන් හට පීඩනය අඩු කිරීමට කොන්දේසි ලිහිල් කර ගැනීමට රටවල් වලින් සහය ගැනීමට ඔවුන් ක්‍රියාමාර්ග රැගෙන ඇති බවයි. තවද හෙතෙම තවදුරටත් ප්‍රකාශ කර සිටියේ දකුණු ආසියාවේ අධිකම විදුලි බිල සහිත රට ලංකාව බවත් එම හේතුවෙන් රටේහි පවතින ව්‍යාපාරවල තරගකාරීත්වය මුළුමනින්ම නැති වී ඇති බවයි. මේ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තිය වහා අකුලා රටේ ජනතාව ද සමඟ නැවත මෙම රට නගා සිටුවීමට සුදුසු ප්‍රතිපත්තියක් සහිත සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව එතුමා සදහන් කළේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>