අමාත්‍ය නලින්ද ජයතිස්ස.

සංවිධානාත්මක අපරාධකරුවන්ට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට කිසිඳු බුරුලක් ලබා නොදීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ජනාධිපතිවරයා වරක් ප්‍රකාශ කළ ලෙසටම, මෙම අපරාධ ජාලය ශක්තිමත් බව අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එම අපරාධ ජාලය සමඟ හැප්පීමට රජය තීරණය කර ඇති බව සහ එහි ප්‍රතිඵල මේ වන විට හෙළිදරව් වෙමින් ඇති බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.