පා .ම .මුජිබුර් රහුමාන්

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද දේශපාලනිකව බංකොලොත් වෙලා ඉන්නවා. මහබැංකු මංකොල්ලය ගැන විශාල ලෙස ජනතාව අතර මතයක් අරන් ගිය මහින්දානන්දයි, ප්‍රසන්න රණතුංගයි අද රනිල් වික්‍රමසිංහගේ ගුණ වර්ණනා කරනවා.

2020 රනිල් වික්‍රමසිංහ මහ බැංකුව කැඩුවයි කියලා කිව්වා. රනිල් වික්‍රමසිංහ ඉන්නකම් මේ රට හරියන්නේ නැහැයි කියලා කිව්වා. නමුත් දැන් රාජපක්ෂලාත් එක්ක ඉන්න උදවිය අද ඇවිල්ලා කියනවා රනිල් වික්‍රමසිංහ තමයි මිනිහා කියලා.

රාජපක්ෂ පාලනය විසින් මේ රටේ කරපු බංකොලොත්භාවය, වංචා දූෂණය, යන සියලු දේවල් අමතක කරලා අද රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා වෙනුවෙන් පෙනී හිටිනවා, එදා රනිල් වික්‍රමසිංහට හොරා කියල බැනපු මහින්දානන්ද අද රනිල් වික්‍රමසිංහට හොද කියනව.

පා .ම .මුජිබුර් රහුමාන් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>