හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට නියම වූ වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම සහ ඇය වරදකාරිය කළ තීන්දුව අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචනය විභාග කිරීමට අභියාචනාධිකරණය අද (11) ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම මඩුල්ලට පී. කුමාරරත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන විනිසුරුවරු ද ඇතුළත් වෙති. අභියාචනය එම මඩුල්ල හමුවේ 2027 ජනවාරි 21 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.
අභියාචනය මීට පෙර විභාග කළ දෙපුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් දෙදෙනා තීන්දුව සම්බන්ධයෙන් වෙනස් මත දැරීම හේතුවෙන්, ඊයේ (10) එය අභියාචනාධිකරණ සභාපතිවරයා වෙත යොමු කෙරිණි.
2015 දෙසැම්බර් 21 වැනිදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ තරුණයකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළ චෝදනා 18කට කොළඹ මහාධිකරණය ප්‍රේමචන්ද්‍ර මහත්මිය වරදකාරිය කර තිබිණි. මහාධිකරණය නියම කළ සිරදඬුවම සහ දඩ මෙන්ම වරදකාරී තීන්දුවද අවලංගු කරන ලෙස ඇය අභියාචනයෙන් ඉල්ලා සිටී.
