හෙට(30) රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ සියලු සේවකයන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක් වන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසයි.
අද(29) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම එකමුතුවේ නියෝජිත ධම්මික මුණසිංහ පැවසූයේ මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සියලු සේවකයන්ට නොවැම්බර් 30 වැනිදා සේවයට වාර්තා කරන ලෙස දන්වා නිවේදනයක් නිකුත් කර ඇති බවත්, ඇතැම් අමාත්‍යාංශවල විශේෂ කාරක සභා රැස්වීම් යොදා ඇති බවත්ය.
එවැනි තත්ත්වයක් තිබුණද නොවැම්බර් 30 වැනිදා කිසිදු රාජ්‍ය සේවකයකු සේවයට වාර්තා නොකර අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාමාර්ගයට එක් වන බව ඔහු සඳහන් කළේය.
පරිවාස කාලයේ සිටින සහ ස්ථිර නොවූ සේවකයන් ඇතුළු සමස්ත රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් වෘත්තීය සමිති පෙනී සිටින බවද ධම්මික මුණසිංහ කියා සිටියේය.
නොවැම්බර් 30 වැනිදා ඇතුළත මේ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලබා නොදුන්නොත්, 2026 දෙසැම්බර් 14 වැනිදා අයවැය අවසන් කිරීමට සිදු වන්නේ දැවැන්ත විරෝධතාවක් සමඟ බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.



