පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා හිටපු ගමන් නින්දෙන් අවදි වෙලා පාස්කු ප්‍රහාරය ගැන දන්නවා කියනවා. හිටපු ගමන් ලංකාවේ නෙවෙයි පිටරට හිටියේ කියලා කියනවා. හිටපු ගමන් මමත් දැක්කේ පත්තරෙන් කියලා කියනවා. ඉතින් ඒක එතුමාගේ මානසික සහ මන්ද මානසිකත්වයට අනුව සාධාරණයි කියලා හිතෙනවා.

ඊළඟ විහිලුව තමයි ඒ යහපාලන ආණ්ඩුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සුහච කීකරුම ගෝලයා තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා. හම්බන්තොට වරාය අමු අමුවේ විකුණනකොට අත් දෙක බැඳගෙන කාමරේට පැනලා නිදාගත්ත පුද්ගලයෙක් සජිත් ප්‍රේමදාස කියන්නේ.

ඒ වගේම තමයි ජනතා විමුක්ති පෙරමුණත් මම දැක්කා ලියුමක් අරගෙන ගිහිල්ලා මොකක්ද යෝජනාවලියක් කාදිනල් හිමිපාණන් වහන්සේට දෙනවා. ඉතින් මං කාදිනල් හිමිටත් මතක් කරනවා එන එන කෙනාගේ ලියුම අරගෙන හිනාවෙලා, මාධ්‍යට ප්‍රකාශ කරලා විහිළුවක් බවට පත්වෙන්න එපා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>