ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍යානුකූල විධායක සභාවේ සාමාජිකයන් කවුරුන්ද යන්න ලබන 18වන දා අධිකරණයේදී කරුණු පෙන්වීමට කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් පැවසීය. එසේම ඔහු සඳහන් කර ඇත්තේ එහි නිත්‍ය සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා බවයි.

පසුගියදා නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩබලන සභාපති ධූරයට පත්කර ගැනීම නීතිවිරෝධී බවත්, මෛත්‍රිපාල සිරිසේන මහතා සභාපතිධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් පැනවූ වාරණ නියෝගය නැවත කැඳවන අවස්ථාවේ ඒ බව අධිකරණයට පැහැදිලි කිරීමට කටයුතු කරන බවද ඔහු පවසා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය ගත් නව තීන්දු පිළිබදව ලබන 18 වැනිදා රැස්වී අවසන් තීන්දුවක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.