ජනපති රනිල් වික්‍රමසිංහ

අපි පළමුවෙන් බලන්නේ අනාගතේ උවමනාකම් වලට අනුව අධ්‍යාපන ක්‍රමය සකස් කරන්න. තාක්ෂණ දැනුම, ඩිජිටල් දැනුම වැඩි කරන්න. ඒකට ගුරුවරු පුහුණු කරන්න තියෙනවා. මේ ඔක්කොම අපි අලුතෙන් පටන් ගන්නේ.

වෙනසක් ඕනි කියනවා. ඒ වෙනස දෙන්න තමයි අපි ඉදිරියට අලුත් ආර්ථිකයක් සකස් කරන්නේ. ඒකට මූලික නීති ටික මැයි මාසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ජූනි මාසේ සම්මත කරන්ට ඉන්නේ. ආර්ථිකය වෙනස් කරන්න අපේ නීති පද්ධතිය වෙනස් කරන්න ඕන.

අනික ගමේ ආර්ථිකය දියුණු කරන්නැතුව රටේ ආර්ථිකය දියුණු කරන්න බෑ. සාර්ථක හැම රටක්ම ගමේ කෘෂි ආර්ථිකය දියුණු කරනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>