වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනයට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් සිය විරෝධය දැක්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී සහ කළු පටි පැළඳ පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.