වතු කම්කරුවන්ගේ වැටුප් අර්බුදය විසඳීම සඳහා නව වැටුප් මණ්ඩලයක් පත් කර, ඊට අදාළ පාර්ෂවකරුවන් සමඟ සාකච්ඡා කරමින් කම්කරුවන්ට සහනයක් ලබා දීමට රජය අපේක්ෂා කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් අද (16) අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය විසින් මෙම දැනුම් දීම සිදු කර ඇත.

