දේශපාලන විචාරක නදීෂ ද සිල්වා

සමගි ජන බලවේගය නිර්මාණය වෙන්නේ එක්සත් ජාතික පක්ෂය ඇතුළෙන්මයි. එක්සත් ජාතික පක්ෂයේ මදය ඇත්තටම දැන් තියෙන්නේ සමගි ජන බලවේගයත් එක්ක. එක්සත් ජාතික පක්ෂයට අන්තිමට ඉතුරු වුණේ ඇටෙයි, පොත්තයි විතරයි. හැබැයි මේ එක්සත් ජාතික පක්ෂයේ ඉතුරු වෙච්ච ඇටේ අන්තිමට නතර වුණේ ලංකාවේ අටවෙනි විධායක ජනාධිපති වෙලා.

මේ ජනාධිපතිකමත් එක්ක ඒ ඇටේ වටේට එකතු වෙන්න පටන් ගත්තා පොහොට්ටුවේ මදෙන් කෑලි ගැලවිලා ඇවිල්ලා. හැබැයි මේ වෙනකොට පොහොට්ටුවේ මද කෑලි ටිකක් තිබ්බට ඇටයක් තිබ්බට කොළ පාටට පොත්ත තිබ්බට එක්සත් ජාතික පක්ෂය ඇතුළේ මේ වෙලාවේ අර කලින් තිබ්බ රසය ඒ විදියට නැහැ.

ඔය කාට කාටත් ඕනේ ඊළඟ පාර්ලිමේන්තුවේ ඉඳගන්න. අන්න ඒක වඩාත්ම විශ්වසනීයව දෙන නායකයා ගාවට තමයි ඔය කියන කොයි සංවිධායකයත් ගිහිල්ලා හේත්තු වෙන්නේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>