හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද (29) යළි කැඳවීමට නියමිත ව තිබෙනවා.

පසුගිය අගෝස්තු 22 වැනි දා මෙම නඩුවට අදාළව රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, පසුව ඔහුගේ අසනීප තත්ත්වයන් සලකා බලා අගෝස්තු 27 වැනි දා ඇප මත මුදා හැරීමට නියෝග කෙරුණා.

මහජන මුදල් අවභාවිතායෙන් රු. ලක්ෂ 166ක ලන්ඩනයේ තම පෞද්ගලික සංචාරයක නිරත වීම හේතුවෙන් පොදු දේපළ පනත යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට චෝදනා එල්ල වී තිබෙනවා.