ආපදාවකදී ජනතාවට සහන සැලසීම පමණක් නොව, යළි එවැනි ආපදා ඇතිවීම වැළැක්වීමට අවශ්ය පූර්ව ආරක්ෂණ හා සංවර්ධන ක්රියාමාර්ග ගැනීමද රජයේ වගකීමක් බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්රකාශ කළාය.
ඇය මේ බව සඳහන් කරන ලද්දේ අද (30) දින වැනිදා කඳවලදී රත්මලාන – කඳවල මාර්ගය සහ ඊට අදාළ නිර්මිතයන් සංවර්ධනය කිරීමේ ව්යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
බස්නාහිර පළාත් සංවර්ධන අරමුදලෙන් රුපියල් මිලියන 1,104ක ප්රතිපාදන වෙන් කර ඇති මෙම ව්යාපෘතිය වසරක් ඇතුළත අවසන් කිරීමට රජය සැලසුම් කර තිබේ.
කොළඹ දිස්ත්රික්කයේ තවත් සංවර්ධන ව්යාපෘති පිළිබඳව අදහස් දැක්වූ අග්රාමාත්යවරිය, බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සඳහා රුපියල් බිලියන 2.8ක් වෙන් කර ඇති බවද, රුපියල් මිලියන 15,077ක කොළොන්නාව වැසි ජලය අපවහන ව්යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවද සඳහන් කළාය.
ඇය වැඩිදුරටත් ප්රකාශ කරන ලද්දේ මෙම සංවර්ධන ව්යාපෘති දේශීය අරමුදල් මඟින් ක්රියාත්මක කරන බව අවධාරණය කළ ඇය, ණය ලබා නොගෙන රටේ සංවර්ධන කටයුතු සඳහා මුදල් වෙන් කිරීමට රජයට හැකියාව ලැබී ඇති බවය.




