‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (26) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 732 ක් සිදු කර තිබෙන අතර එම වැටලීම්වලදී සැකකරුවන් 728 ක් අත්අඩංගුවට ගත් බව හා එක් අයෙක් පුනරුත්ථාපනයට යොමු කළ බවත් පොලීසිය ප්‍රකාශ කරන ලදී.
හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 225 කින් හෙරොයින් ග්‍රෑම් 480 ක් සොයාගෙන ඇති අතර, අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 273 ක් අතරින් අයිස් ග්‍රෑම් 287 ක් සොයාගෙන ඇත.
මීට අමතරව, වැටලීම් 189 කින් ගංජා ග්‍රෑම් 692 ක්ද ගංජා පැළ 43 ක්ද සොයාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
අදාළ සම්පූර්ණ වාර්තාව පහතින් දක්වා ඇත.






