ඉදිරි පැය කිහිපය තුල කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ වෙරළ තීරයෙන් ගොඩබිමට ගොඩගැලිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම ප්‍රදේශ වල මුහුදු රළෙහි උස මීටර් 2.5ත් 3 ක් පමණ දක්වා ඉහළ යාහැකි බවයි.

එම මුහුදු ප්‍රදේශ රළුවිය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාවට අවධානයෙන් කටයුතු කරන ලෙසටද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.