පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

මේ වෙනකොට බඩු මිල විශාල වශයෙන් අර්බුදයට ලක්වෙලා තියෙනවා.2023 වර්ෂයේදී සියලුම ආනයන වියදම් සහ බදුත් එක්ක රුපියල් 92ට වරායට ගෙනාපු බී ළූණු ඔරුගොඩවත්තෙදි විකුණලා තියෙන්නේ 365ට. ඊළඟට මීපෙට යනකොට ඒක රුපියල් 500යි. සිල්ලර කඩේදී 700යි.

ගිය අවුරුද්දේ විතරක් බී ළූණු ආනයනය කරපු අය, සෑම පුරවැසියෙක්ගෙන්ම රුපියල් 4000ක් බී ළූණු වලින් විතරක් අයථා ලාභයක් උපයලා තියෙනවා. අර්තාපල් කිලෝවක් ගෙනල්ලා තියෙන්නේ රුපියල් 110ට. විකුණලා තියෙන්නේ 203ට. අර්තාපල් වලින් කෝටි 1500ක් හොයලා තියෙනවා. වියළි හාල්මැස්සන්ගෙන් කෝටි 1800ක් ලාභ හොයලා තියෙනවා.

මේ ධනය කොහෙටද ගියේ කියන එක ගැන අවධානය යොමු කරන්න. මේ බඩු භාණ්ඩ වලට කරන මංකොල්ලය කිරිපිටි, සීනි, පාන් පිටි මේ හැම ක්ෂේත්‍රයේම කරන මංකොල්ලය වැලැක්වීමට අපි ඒකාබද්ධව කටයුතු කළ යුතු වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අල ළූණු ජාවාරම පිළිබඳව පාර්ලිමේන්තුවේදී කල හෙලිදරව්ව…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>