නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් සඳහා ජනාධිපති අරමුදල මඟින් ඇස් කණ්නාඩි බෙදා දීමේ වැඩසටහනක් 2026 නොවැම්බර් 29 වැනිදා ස්ථාන කිහිපයකදී පවත්වා තිබේ.

පාසල් සිසුන්ගේ ඇස් පරීක්ෂා කර අවශ්‍යතා ඇති සිසු සිසුවියන් වෙනුවෙන් නොමිලේ ඇස් කණ්නාඩි ලබා දීම මෙහිදී සිදු කර ඇත.

වලපනේ, නුවරඑළිය සහ හඟුරන්කෙත යන අධ්‍යාපන කලාප කාර්යාලවලට අයත් ප්‍රදේශ තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ අතර, ඊට පාසල් සිසුන් විශාල පිරිසක් සහභාගි වූ බව සඳහන් වේ.