ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න.
ක්‍රීඩාව යනු සෑම රටකම වැදගත් අංගයකි.ඒ අතරින් ක්‍රිකට් ක්‍රීඩාව අපට සුවිශේශය.පහසුකම් අඩු දිවයිනේ සියලුම පාසල්වලට ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය මගින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින්, අවශ්‍ය භාණ්ඩ සහ පහසුකම් සපයන්නට සූදානම්. අද වගේ ආර්ථික තත්ත්වයකදි ක්‍රීඩා උපකරණ මිල අධික වීම නිසා, රාජ්‍යයේ සහන ලබාදීම ඉතා වැදගත්.
දරුදැරියන්ට ලබාදෙන පහසුකම් මඟින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම අත්‍යවශ්‍යය. අපි තවමත් දියුණු වන රටක් වන නිසා, මේ සියලු ක්‍රියාදාම තවදුරටත් ඉදිරියට ගෙනයෑම සහ සංවර්ධනය කිරීම අපගේ වගකීමකි.
