නිලුක්ෂ කුමාර

අපි දන්නවා පහුගිය කාලේ සුගීෂ්වර බණ්ඩාර මහත්තයා බොහොම බරපතල ගණයේ ප්‍රකාශයක් සිද්ධ කළා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විරෝධය ප්‍රකාශ කරලා මිරිහානේ නිවස ගාව සිදු වෙච්ච සිදුවීමට මේ රටේ මුස්ලිම් ජනතාව වගකියන්න ඕනේ කිව්වා. එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඝාතනය කරන්න පැමිණියේ මුස්ලිම් ජාතිකයෝ කියලා බොහොම පැහැදිලිවම මේ සුගීෂ්වර බණ්ඩාර කියන හිටපු ජනාධිපතිවරයාගේ ලේකම්වරයා ප්‍රකාශ කළා.

ජාතිවාදී ප්‍රකාශ කරලා ඥානසාර නායක හාමුදුරුවන් වහන්සේට දීපු තීන්දුව අපි දැක්කා. මේකත් ඒ හා සමාන ප්‍රකාශයක්. මේවා සම්පූර්ණ වෛරී ප්‍රකාශන. ඒ නිසා අපි වර්තමාන ජනාධිපතිවරයාට කියනවා, වහාම මේ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>