ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ නෙදර්ලන්ත තානාපති බොනී හෝර්බාක් මහත්මිය අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වී ඇත.
එහිදී, නෙදර්ලන්තයේ පවතින ශ්‍රී ලංකා පෞරාණික භාණ්ඩ සහ පුස්කොළ පොත් මෙරටට ආපසු ලබාදීම සම්බන්ධයෙන් සංවාදයක් සිදු වූ අතර, මෙම කටයුත්ත දෙරට අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම සඳහා වැදගත් යැයි තානාපතිවරුන් පැවසීය.
නෙදර්ලන්ත රජය, යටත්විජිත කෞතුක භාණ්ඩ මුල් රටවල් වෙත ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ප්‍රතිපත්තියක් යටතේ පර්යේෂණ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, එහි ආරම්භයක් ලෙස නෙදර්ලන්තයේ ඇති පුස්කොළ අත්පිටපත් පිළිබඳ දෙරටේ පර්යේෂකයින් එක්ව පර්යේෂණ සිදු කිරීමට නියමිතය.
