චේනක අබේසිංහ – දෙවන පරපුර

රට බරපතල ආර්ථික දුර්භික්ෂයකට ඇද වට්ටපු පාලකයෝ දැන් ලැජ්ජ නැතුව ජනතාවගෙන් අනීතිකව මංකොල්ල කාපු බදු මුදල් උපයෝගී කරගනිමින් ඡන්දේ ඉලක්ක කරගෙන බඩු බෙදන්න පටන් අරගෙන තියෙනවා.

මේ ආණ්ඩුවෙන් සහ මේ පාර්ලිමේන්තුවේ ඉන්න මිනිස්සුන්ට මොකක්ද තියෙන අයිතිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය භාවිතා කරලා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් අරගෙන බඩු බෙදන්න.

රනිල් වික්‍රමසිංහ කියනවා දැන් රටට හරි ගිහිල්ලලු තියෙන්නේ. ජනතාව පුදුම සැහැල්ලුවකින්ලු ඉන්නේ. අපි දන්නෑ එතුමාට වචනේ පැටලුනාද කියලා. ඇත්තටම ජනතාව සැහැල්ලුවෙන් නෑ. ජනතාව හෑල්ලුවට ලක් කරලා තියෙන්නේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>